එන්න බ්ලොග් අවකාශය දෙකට බෙදෙන්න…. සින්ඩි හදන්න….(බ්ලොග් අවකාශය තුල කුල වාදයේ ඇරඹුම)

Picture123

පැ(කැ)ම්පස් සින්ඩිය පිළිබඳව ඇනෝනිමැස්සෙකු හා පැවැත්වූ විශේෂ සංවාදය.

ඒ පාර මොකක්ද මේ පැම්පස්…?
මේ මොකක්ද කියන එක පැම්පස් කියන නමෙන්ම තේරෙනවා. පැම්පස් කියන්නේ හැමෝම පාවිච්චි කරන දෙයක් නෙමේ. මේක හැමෝටම තියෙන දෙයක් නෙමේ. විශේෂිත පිරිසකට තියෙන දෙයක්. කැම්පස් ගිය, යන අයට තියෙන දෙයක්.

එතකොට මොකාද මේක කරන්නේ ප්‍රශ්නය රාමයාට ඇති උනේ ඇයි?
රාමයාට දෙයක් ගැටලුවක් වෙන්නෙ එයාගේ සම්පත් දායකයින්ට රිදෙනවා නම් විතරයි. එතනින් එහාට මහින්ද මහත්තයායා පෝලිං කරලා මෙව්වා කරත් එයා කියන්නේ ඔහොම දේවල්ද ලෝකෙ සිද්ද වෙලා තියෙන්නෙ කියලා. ඊට පස්සෙ වෙද මහත්තයෙක්ටත් කතා කලාලු. ඇත්තටම පැම්පස් සම්බන්ධ කාරණාවක් නිසා වෙද මහත්තයෙක්ට කතා කරපු එක හොඳයි. ලලීන් නම් ඉතින් අහවල් දේට කතා කරත් හා කියන හාදයානෙ.

ඇයි එතකොට තියෙන සින්ඩි මදිද…?
ඔව් ඇත්තටම අපි ලැට් එකට ගිහින් එතනදි කරන්නෙ බොග දාන එක. කැම්පස් එකේ ලැට් එකෙත් කරන්නෙත් ඒක. අරලිය මල් මන්දිරේ ලැට් එකේ කරන්නෙත් ඒක. කැම්පස් උප සංස්කෘති ඇතුලෙ නම් සමාර කැම්පස් වල ලැට් කටවල් වලට ජූනියස්ලගේ මුහුන ඔබලා රැග් දෙන විශාල උප සංස්කෘතියක් තිබෙනවා. සාමාන්‍ය සමාජයේ අපිට ඒක පිළිකුලක් . නමුත් උගත් බුද්ධිමත් උප සාංස්කෘතික උරුමයක් සහිත අයට ඒක ඒ තරම් ගැටලුවවක් නැතිව ඇති. ඒ නිසා ඒ වගේ විශාල උප සංස්කෘතික දායාදයක් තියෙන තැන්වලට කැම්පස් නොගිය බ්ලොග් කරුවන් දිරවන්නෙ නැතිව ඇති. ඒ නිසා මේවගේ දෙයක් වැදගත් වෙයි.

එහෙම වෙන් වෙනවට වඩා, එකමුතු වෙන එක නේද වෙන්න ඕන..?
පිස්සුද? හතු පිපෙන්නා වගේ සින්ඩි ආවටට ඒවයෙ ලිපි වැටෙන්නේ එකගොඩේ. පැම්පස් පාවිච්චි කරන අයව විශේෂයෙන් හොයාගන්න බෑ. පැම්පස් කුලයේ අයව වෙනම වෙන් කරලා ගන්න ඕනේ. දැන් බලන්න කතන්දර. කොච්චර අර්ථාන්විත බ්ලොගයක්ද? ඒ වගේ අර්තාන්විත දේවල් ලියන්න පුළුවන් පැම්පස් කුලේ අයට විතරයි. අනික් උන් මොක්කුද!

එතකොට අපිට කොහොමද උදව් කරන්න පුළුවන්?
මේක තියෙන්නේ පැම්පස් අඳින අයට විතරයි. අනික් අයට් පුලුවන් එයාලා පැම්පස් අදින දිහා බලන් අත හොලවලා කොලේක පිහගන්න.

වැඩක් වෙයිද..?
හොඳම උදාහරණය කවිතා වැඩ සටහන. ඔය කවිතා කියන්නෙ නිකං මොන්ටිසෝරි උත්සවයක් වගේ එකක්. නැටුං පුරුදු කරලා.. දෙමාපියන් ඔක්කොම කරල දීල ලමයිට තියෙන්නෙ ගිහින් එතන නටලා ආතල් එකක් අරං එන්න. එස්බී විසින් ගෙනාපු හොද ජාතියෙ ලනුවක් තමයි කවිතා කියන්නෙ. අවුරුදු විසි ගානක් වෙන තරුණයොන්ට අඩුගානෙ මියුසිකල් ඉවන්ට් එකක් තනියම ඕගනයිස් කරගන්න බැහැ. ඒකටත් ආන්ඩුවෙන් සල්ලි හිගාකාලා අර මොන්ටිසෝරි විවිධප්‍රසංගයෙක් වගේ එකක් තියෙනවා. ඒකෙන් විසාල දෙයක් වෙනවා කියලා හැමෝම කියනවා. නමුත් මේ තාක් වෙනකල් කැම්පස් වල ළමයි ගෙනගිය කළා උලෙලවල් ශිෂ්‍ය සංගම් විසින් ගෙනගිය කලා වැඩසටහන් සියල්ල ඩෝසර් කරලා ඒකට උඩින් දැම්මා කවිතා කියන අලුත් පස් ලොඩ් එකක්. මේ ලලියා වගේ අන්ඩුවෙ ලේක් හවුස් කියන කුස්සියෙ දංකුඩ හූරන උන්ට ඕව දැකල චුන් වෙනවා ඇති. ඒත් අපිට නම් කිසිම ආතල් එකක් නැහැ කවිතා වල.

පැම්පස් සින්ඩිය කා සඳහාද….?
ඇත්තටම ඩිග්‍රියක් ගත්තු එක්කෙනෙක්ගේ ළමයෙක් කියන්නෙත් අනුහස් තියෙන පරානයක්. මම නම් හිතන්නෙ උපාධි ගත් අයගේ ළමයි වර්ගීකරනය කරලා එයාලටත් සිංඩියක් හදලා දීල තියෙනවා නම් හොදයි. එතකොට අපිට දෙමාපියන් දෙදෙනාම ඩිග්‍රි කරුවන් නම් ඒ අය ගැන වඩාත් විශේෂ සැලකිල්ලක් දක්වන්නට හැකි වේවි.

අප්පට සිරි තෑගිත් දෙනවද….?
මේ සිංඩියේ ලියාපදිංචි කරන්නෙ උපාධි සහිත අය විතරයි. එතකොට ත්‍යාග සහතික දොලපිදේනි දීල ෆෝම් කරන්නෙ අර උපාධී සහිත සහ උපාදි ගන්නට පෙරුම් පුරන අය විතරයි. මෙතනදි මේ අය අවිඥානිකවම කරන්න හදන්නෙ තමුන්ගේ නැතිවෙල ගිහිපු කිරුළ රැකගන්න එක. සාමාන්‍ය සමාජයේදී උපාධි කාරයෙක් කිව්වම මිනිස්සු සලකනවා. කලිසමක් ඇදල බස් එකට නගින ඕන එකෙක්ට බස් එකේ කොන්දා මහත්තයා කියනවා වගෙ උපාදියටත් ලංකාවෙ තියෙන උපාධි ගැන නොදන්න ගැමියො සලකනවා. එතකොට ලංකාවෙ සාමාන්‍ය සමාජයෙදි උපාධිය කියන්නෙ පොරත්වය ඇතිකරගන්න ලැබෙන ආබරණයක් වගේ එකක්. නමුත් සයිබර් එකේ උපාධි කාරයෙක් කියන්නෙ කිසි වැදගත් කමක් ඇති අය නෙමෙයි. ඉතාම සුලුතරයක් සිය අධ්‍යාපනයෙන් උගත් දේවල් අනික් අයට ලබාදෙන්න සහ අලුත් දේවල් හිතන්න උත්සාහ කරනවා. නමුත් අනික් බහුතරය කරන්නෙ කැම්පස් ඇතුලෙ කරපු දේවල් කරපු විහිලු අපිට කියලා අපෙන් කොමෙන්ට් හිගා කන එක. පේරාදෙනියෙ ඉංජිනේරු මහත්තයා ගූ ගොඩ පවා හිට් කරලා හිට් හිගා කනවා. ඉතිං ඒ වගේ අයගෙන් මේ සමාජයට වෙන සේවේ අර පත්තර වල තියෙන දෙයියෝ සාක්කි, අනේ බොලං, වගේ ආටිකල් කෑලි ලියලා දෙන එකද? මේ වගේ සයිබර් එක ඇතුලෙදි සුන්නද්ධූලි වෙලා යන තමුන්ගේ උපාධියට තැනක් හදාගෙන කස්ටියක් සෙට් කරගන්න මේ අයියලා උත්සාහ කරනවා. ඉතිං මේ වැඩේ ඉතාම හොඳයි. කරගෙන යනකොට අපිටම ලංකවේ බුද්ධිමතුන්ගේ බුද්ධිමය වැඩ ගැන අවබෝධයක් ඉබේම ලැබෙයි.

එතකොට කව්ද ඔය ජයග්‍රාහකයෝ තෝරන්නේ..?
කතන්දර ඇල්කෙලියා වගේ බ්ලොග් අවකාසේ පට්ට එක්පීරියන්ස් තියෙන අය සෙට් එකක්. වණ්ඩුආප්ප, ටියුබ්, ගදරූ, රාමයා වගේ පට්ට සාහිත්‍යකාරයෝ සෙට් එකක්. මේවා තෝරන අය පැම්පස් කුලයේ නොවුනට අවුලක් නෑ. වැඩේ වෙනවනම් පූසා මැටියෙන් උනත් මොකෝ. තව එස් එම් එස් ක්‍රමේකුත් තිබුණනම් වඩා හොඳයි. එතකොට වැඩිපුරම සිම් තියෙන කෙනාටත් චාන්ස් එනවා.

එතකොට මෙහෙම එකක් විශේෂයෙන් ආරම්බ කිරීමට හේතුව ?
එකම මොරා කැම්පස් උන් හැමදාම එන්ඩීටී උන්ට තඩිබානවා. ඒ වගේම දොස්තරලා කැමති නැහැ නර්ස් අක්කලා ඩිග්රියක් ගන්න එකට. කැම්පස් කැම්පස් අතරත් හැමදාම වලි. විශ්ව විද්‍යාල වලට එන අයට තියෙන්නෙ සහතිකේ ලබා ගැන්ම, බඩුවක් දාගැන්ම, හොද රස්සාවක් ලබා ගැන්ම, වාගේ පුද්ගලික අරමුණක් විතරයි. එයාලට සන්නිවේදනය කියල සබ්ජෙක්ට් එකක් තිබුනොත් ඒකට හොද අකුරක් ගන්න ලොකු උත්සාහයක් ගනිවි. එහෙම නැතුව සන්නිවේදන කුසලතා දියුනු කරගන්න නම් ඔය කවුරුවත් පෙනී සිටින්න එකක් නැහැ. බොදු බල සේනාව, කිරිබත්ගොඩ ගානානන්ද වගේ සෙට් පිටිපස්සෙන් අද වෙනොකට වැටිල ඉන්නෙත් කැම්පස් ගිහිපු බහුතර සිසුන්. ඒත් එක්ක ඒ අයගේ දේශපාලනික දැනුම ගැන අපිට තරමක් හිතාගන්න පුළුවන්. මලාලා වගේ චරිත කවදාවත් අපේ මේ තියෙන රජයේ කැම්පස් වලින් නම් බිහි වෙන් නැහැ. ඒත් මේ පැම්පස් වැඩපිළිවෙල නිසා එක මලාලෙක් හරි ඇති වෙනවනම් ඒක තමයි ඒ අයගේ ජයග්‍රහණය.

එතකොට මොනවද ලියන්නේ..?
කතන්දර වගේ ඕනෙම දෙයක් ලියන්න පුළුවන්. කක්කා කතා, පඩ කතා, චූ කතා, ජී කතා ඕනෙම දෙයක්. හැබැයි හොඳ සාහිත්‍ය දැනුමක් තියෙන්නේ කැම්පස් ගිය අයට විතරයි. පැම්පස් සින්ඩිය බැලුවම හැමෝටම තේරෙයි කැම්පස් ගිය අය තරම් සාහිත්‍යමය දේශපාලනමය දැනුමක් වෙන කාටවත් නැති බව.

එච්චරද…?
අපෝ නෑ තව කොච්චර තියෙනවද! පොලුකාරයිනට් කැම්පස් ගිය අයව වෙනම කැටගරියකට ගන්න පුළුවන්. බඩු කාරයින්ට ලේසියෙන් කැම්පස් බඩු සිලෙක්ට් කරගන්න පුළුවන්.

එතකොට අනික් උන්ට හුළංද….?
නෑ නෑ. මං හිතන්නේ මේ අය මේකේ ඊළග පියවටර විදිහට කැම්පස් එකේ අනද්‍යන සේවකයින්ට වෙනම සින්ඩියක් ආරම්භ කරන්න ඉන්නවා පැම්පස් වරහන් ඇතුලේ අනද්‍යන කියලා. මොකද එයාලත් ලෙක්චර්ස් යන්න වාසනාව නැති වුනාට කැම්පස් යන්න වාසනාව ලබපු අය.

මේ වගේ ශ්‍රේෂ්ඨ අදහසක් පහළ උනු මා නොතලන් මහතා ගැන ඔබේ අදහස කුමක්ද?
ඇත්තටම එතුමා මීට වඩා එතුමාගේ ශාරීරික යෝග්‍යතාව ගැන අවධානය යොමු කරනවනම් හොඳයි. බඩ පොඩ්ඩක් අඩු කරගැනීම ගැන වැඩි අවධානක් යොමු කළයුතුයි. ඒ සේරටම වැඩිය එතුමා එතුමාගේ මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමුකරනවා නම් වඩා හොඳයි. එතුමා නිතරම මානසික ව්‍යායාම වල නිරත වෙන එක බොහොම වැදගත් වෙයි. එහෙම උනොත් එතුමාට හිටි හැටියේ ඇතිවෙන විකාර රූපී මඤ්ඤං අදහස් බොහොමයක් නැති වෙන්න තිබුණා.

අවසාන ප්‍රශ්නය. ඔවුන්ගේ මෙම පැම්පස් සින්ඩිය පිළිබඳ මා නොතලන් මහතා ලියූ ලිපියේ Syndi යන්න Cyndi ලෙස ලිවීම හා ඔවුන්ගේ පැම්පස් සින්ඩියේ යූ.ආර්.එල් එක cam + pussy+ ndi ලෙස නම් කිරීම අතර සම්බන්ධයක් තිබෙනවාද?
කරුණාකරලා මේ වගේ වැදගත් මාධ්‍යක ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහනකොට වැදගත් ප්‍රශ්න විතරක් අහන්න. මේවට උත්තර දෙන්න මම බැදිලා නෑ. ඒත් මට පහත පින්තූරය පෙන්නන්න පුළුවන්.

Cam+Pussy

Advertisements

45 comments

    • Anonymous

      මං හිතුවා දාල තියන ලින්ක් එක හන්දා මේක ලියන්නෙත් කතන්දරකාරයා කියල

  1. අර මුලම ආපු ඇනෝනි මැස්සා

    කබ්බන්ගේ බෙදීමට යාන්තම් ගොඩදාගත්පසු ඊලග බෙදීම මෙය නොවේවා

  2. තවත් ඇනොනි මැස්සෙක්

    මා නොතලන් අයිය විස්ස විද්‍යාලෙ ජයග්‍රාහකයෝ තෝරන්නේ මරු සෙට් එක හොඳ්. අර පොලු අභීතවත් ගත්තනම් තමා හොඳ වැඩේට.

  3. ජෝන් පේයර්

    ජොනී අයියා, මාතලන් අයියා,නලින් අයියා පැම්පස් සින්ඩිය හදා ගත්තුදෙන් කැම්පස් ගිය අයට,,අපි අභීත අයියවයි,මාර අයියවයි එකතු කර ගෙන කැම්පස් නොගිය අයට හදමු අමුඩ සින්ඩියක්

  4. යහපත් ඇනෝනිමැස්සා

    ඇත්තටම කැම්පස් සින්ඩියේ ඉන්නේ අද බ්ලොග් අවකාශේ ඉන්න අයමයි,,කැම්පස් ගිය අය එකතු උනාම අලුත් වැඩක් වෙයි කියන්න පුලුවන්ද,,අදටත් බ්ලොග් අවකාශේ ඉහල කියවන්නෝ ප්‍රමානයක් ඉන්නේ කැම්පස් නොගිය මාරයා,සදරු වගේ චරිත වලට.
    අනික් එක පදුරකට ගහනකොට බ්ලොග් වලට වඩා සින්ඩි විසි වෙන්න අරගෙන,සින්ඩි වලින් ප්‍රමානවත් සේවයක් යන්නේ ලාංකීය සිතුවිලි සහ අඹ ගහ යට පමනයි.මේ වගේ බ්ලොග් අවකාශය බෙදන්න සින්ඩි හදනවට එක හෙලා විරෝධය ප්‍රකාශ කරනවා.

  5. යහපත් ඇනෝනිමැස්සා

    කියන්න අමතක උනා සදුදා හොදට හිනා වෙන්න පෝස්ට් එකක් කියවන්න ලැබුනා,ඇනෝනිමස් ලිවුවත් උබගේ ලිවීමේ හැකියාව ඉතා ඉහළයි.

  6. maathalan

    බොහොම ස්තූතියි ප්‍රචාරණයට. සල්ලි ගෙවලවත් කර ගන්න බෑ මේවා.. මේවට කියන්නේ ගරිල්ලා මාකටින්..

    • Anonymous

      ඔය එන්නෙ යටි අරමුණු එලියට. ‘ප්‍රසිද්ධ වෙන්න’ ඕක තමා මේ බ්ලොග් අවකාසෙ උන් හැමෝටම වගේ තියෙන ලෙඩේ. බ්ලොග් අවකාශෙ දෙකඩ කරල නෙමෙ සී සීකඩ කරලා හරි මේ යක්කුන්ට ඕනෙ ප්‍රසිද්ධ වෙන්න. කාලකණ්නි!

      • කැම්පස් කොල්ලා

        ආදරණිය මා තලං ගොයියා වෙත ලියමි..

        සදා ආදරණිය මා තලං…

        උඹට මා මේ ලිපිය ලියන්න ලියන්නට පලමුව දෙදණ නළලේ හොවා පොලෙවෙ පස් කා අචාරය පුද කර සිටිමි. ඒ මන්ද යත් උඹ විසින් ලගදි අප වෙත ලබා දුන් නවතම කැම්පස් කින්ඩියට ආචාරය පුද කිරීමක් වශයෙනි. මෙම කරගනු ලැබුවා වූ මහා කුසල කර්මයෙන් සිරි සමන්ත බද්‍ර හිමි බුදු වූවාට පසු ආත්මයේ උඹට බුදු බව ලැබීමටත් නලින් සහ වෙදා සැරියුත් මුතලන් අගසවු දෙනම වෙන ලෙසත් , දත් අතර රැදි අවසන් පස් කුට්ටියද විකා දමා මා ප්‍රාර්ථනා කර සිටින්නෙමි.

        අපි කැම්පස් ගියාට අපි විදිනා දුක අර කලු ලේබල් වැඩි අටපාස් පඩත්තරයන්ට නොවැටෙහෙනා බව මා හොදින් දනිමි. උන් දන්නේ කාට හෝ මඩක් ගසා ලංකාවේ සංකෘතිය විනාස කිරීමටය. ඉස්සර කාලෙ විස්ස විජ්ජාලෙ ගිය පුතා එනකං අම්මලා මුළු ගමම එකතු කරං බලං හිටියලු. ඒකට මෙදා පාර ස්ටයික් එකට මං ගෙදර යද්දි අම්මා කිව්වේ. ආහ්.. තෝ ආයෙත් ආවද විභාගෙ නොකර කියලාය.. අප්පච්චි කීවේ තොගෙ ඔය නාඩගම තව කොච්චර කල් තියනවාද කියාය.. මේවා අහං ඉද්දි හිතට දැනෙන දුක අර වගේ පඩත්තරයන්ට කවදාවත් තේරෙන්නේ නැත.

        ආයෙ කැම්පස් එද්දි විලියොන් මාමගෙ පොඩි එකා ලැන්ඩ් මාස්ටරයක් අරං ය.. ඌ මාව හංදියට දාගෙන එද්දිත් ඇහැවේ උඹ තව කොච්චර කල් පොත් උස්සං යන්නද කියලාය. ඌ අටපාස් එකා වෙච්චි මා හට තාම හරි හමන් හරක් බානක් වත් නොතිබීම හිතට වදයකි. අපෙ අප්පොච්චි නන් කීවේ උඹ ඉක්මනට ගෙදර වරෙන් ගොනා මැරිච්චි කරත්තෙට මාව බඳින බවය.

        මෙව්වා අහගෙන පොරක් වීමට හිතාගෙන මං බ්ලොග් කටුවක් අටවා ගත්තේය. එයටද නිසි තැනක් නොලැබීම ඊටත් වඩා කූරය. කිසිම එකෙක් මා කැම්පස් යැයි කීවාට ගනන් ගන්නේ නැත. අර කකා වැනි පස්තාච්චියක් තිබ්බා නන් කක්කා කතාවක් ගූ කතාවක් හෝ ලියන්නට පුලුවනිය.ඒත් කකා වන්ව ගූ මූණේ ගාගැනීමට හැම දෙනාටම නුපුලුවන.කැම්පස් යනවා කියා කෙල්ලෙක් දෙන්නෙක් ඉදිරියේ හෝ පොරක් වීමට මේ වනතෙක් කිසිම අවස්ථාවක් නොලැබීම මා හට බ්ලොග් අවකාශය එපා කරවීමට ………………………………………………………………………………………………………….

        මා තලං.උඹ අපි වගේ උගත් කැම්පස් කොල්ලො ලියපු එව්වාට සම්මාන දෙන්නට නූගත් ගැමියන් යෝජනා කිරීම මාගේ පුද්ගලික පිලිකුලට භාජනය වේ. එව මාගේ උගත් කම තනිකර හෑල්ලුවට ලක් කිරීමක් වැනිය. එවැනි නොහොබිනා යෝජනා කිරීමෙන් අපගේ මෙම උගත් කම හෑල්ලුවය ලක් කිරීම කිසි ලෙසකත් අනුමත කල නොහැකි බව මින් වැඩි දුරටත් දන්වා සිටිමි.

        ඉතින් මා තලං. මාව අර අලුත් කිංඩියට දාගන්න. මං දිගටම පෝස්ට් ලියන්නං. සත්තයි.. අත්තාපල් මුත්තාපල් රෑණ ගලේ කෙටුව වගේ මං වෙනස් වෙන්නෑ.. ඕං මං හැමදාම ලියනවා.. මට සම්මානයක් දෙන්න ඇ..

        කැම්පස් යන අපිට අලුත් කිංඩියක් දැමීම පිළිබද උඹට සම්මා සම්බුදු සරණ පතමින් මා මෙතනින් නවතිමි….

        මෙයට
        කැම්පස් කොල්ලා

  7. Naleen Dilruksha

    මචං ඕනම දේකට විවේචන තියනවා. විවේචනය තුළින් වරදක් නිවරැදි කරගන්නත් අප සූදානම්. ඒ නිසා අපේ වෑයම ගැන මෙවන් මතවාදයක් ඉදිරිපත් කළාට අපේ කිසිම අහිතක් නෑ..
    ඒත් කනගාටුව මේ බෙදීමක් හදන්න යනවාය යන කියමනටයි. මේ උත්සාහයේ කිසිම තැනක බ්ලොග් කරුවන් අතර බෙදීමක් ඇතිකිරීමට හෝ වර්ගීකරණයකට යෑමක් නෑ. අපේ අරමුණ බ්ලොග් ලියන්න තව පිරිසක් එක් කර ගැන්මයි. ඒ වගේම කියවන්නන් පිරිසක් එකතු කර ගැනුමයි. අපට අවශ්‍ය සියලු දෙනා එක්තැන්ව එකට සිට තම මතවාදයන් පතුරුවාලන නිදහස් අවකාශයක අවශ්‍යතාවයි. එය තේරුම් ගන්න. එක හෙලාම යළිත් පවසනවා බෙදී වෙන්වීමේ සංකල්පයකට කිසිසේත්ම අපගේ සහායක් නැත.
    යළිත් අවධාරණය කරමි දැනුමින් සන්නද්ධ හැකියාවැති පරපුර මේ කලාව දෙසට යොමුකර ගැන්මයි අපේ අරමුණ. බෙදීමේ සංකල්පය අතෑර දාපන් මචෝ…
    මොකද උඹ මොන සද්භාවයෙන් මේක ලිව්වත් විවිධ මත දරන්නන් මෙය වැරදි අරුතකින් ගන්න ඉඩ තියනවා. අපේ අඩුපාඩු වෙත්නම් එය පෙන්වා දේන්න. වරදක් වෙතොත් එය නිවැරදි නොකර ඉන්න තරම් අපි මහ දැන මුත්තන් නොවෙමු. වටින්නේ කාගේත් අදහසුයි.

    • Anonymous

      ඔබලා අවිඥාණිකවම මේ හදන්නෙ මහා බෙදීමක් අරඹන්න. මේ වෙනකම් කැම්පස් අයටයි අනික් අයටයි ඕන තරම් සින්ඩි තිබ්බා. ඒත් දැන් කැම්පස් අයට වෙන් කරල අරන් ඔවුන්ට තෑගි දීලා ඔවුන්ට විශේෂයක් කරන්න හදනවා. ඒක බොහොම වැරදි වැඩක්. ඒක පැහැදිලිවම අනෙක් අයට අසාධාරණයක්.
      ඉදිරියෙදි අනෙක් අය තව තව බෙදීම් පටන් ගනීවි. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන අයට වෙනම සින්ඩියක්. විශ්වවිද්‍යාල කිසිවකට නොගිය අයට වෙනම සින්ඩියක්. ඒ ඒ දෙපිරිස් අතර රණ්ඩුසරුවල්. ඔබට ප්‍රසිද්ධ වෙන්න ඕනෙනම් කරුණාකර වෙනත් ක්‍රමයක් සොයා ගන්න. බ්ලොග් අවකාශ්ය තුල බෙදීම් ඇති නොකර.

      • ස්ලිට් කොල්ලා

        අනේ නලීන් බබෝ
        දැන් ඔය පැම්පර්ස් කින්ඩිය නිසා අළුතෙන් බ්ලොග් ලියන්න ගොඩක් අය එයි නේ.

        එතකොට ඔය කැම්පස් නොගියපු උන් මැට්ටෝ..?
        උන්ට හැකියාවත් නෑ උන් දැනුමෙන් සන්නදත් නෑ…?
        එතකොට අර සින්ඩි ලියද්දි වරද්දල ලියල තියෙන්නෙ දැනුම වැඩි හින්ද වෙන්නැති නේ………..?
        ඇත්ත කියන්න පුරුදුවෙන්න බබෝ ඔයාලට ඕන උනේ අපි උගත්තු
        අපි කැම්පස් ගිය පොරවල් කියල කියා ගන්න නෙව. ඕක ඔය ලංකාවෙ කැම්පස් වල ඉගෙනත්ත බොහෝමයක්ට තියෙන ලෙඩක්.

      • AL FAIL

        මටත් තිබ්බ ප්‍රශ්නයක්. මෙයාලා කැම්පස් යන අයට විතරක් ආතල් දෙන්න අපෙන් සහයෝගය ඉල්ලනවා. ඉතින් ඇයි අපි මෙයාලට සහය දෙන්න ඕනේ? එතකොට මෙයාලා කියන විදිහට කැම්පස් යන එකෙනෙක් ලියන කතාවක් විතරද කතාවක් වෙන්නේ. කැම්පස් යන කෙනෙක් ලියන කවියක් විතරද කවියක් වෙන්නේ? සදරුලා වගේ ඒලෙවෙල් ෆේල් අයගේ කතා වලට මොකද වෙන්නෙ?

        • Naleen Dilruksha

          @ AL FAIL- වරදවා වටහා ගන්න එපා මචෝ මෙතැන කිසිවකුව අවතක්සේරු කිරීමක් කොට නෑ. කැම්පස් නොගිහින් හෙන රහට ලියැවෙන බ්ලොග් කොපමණ තියනවද ? උදාහරණ ගණනාවක් දිය හැකියි. මෙතැන වැරදි තැනින් බැලීමයි වරද?

      • Naleen Dilruksha

        @ 02/12/2013 – 12:56 PM
        Anonymous – මේ කාර්යය අරබයා අර්ථාන්විතව ප්‍රතිචාර දක්වා තීබීම ගැන මුලින්ම ස්තුතිය. එසේම පිල් බෙදීමක් හෝ කල්ලි ගැසිමක් ගැන කිසිම අදහසක් අප තුළ නොතිබුණත් මේ යන ඇතැම් කමෙන්ට් අනුව පෙනෙනවා ඇතැමුන් එවන් ඉසව්වක් කරා ඇදෙන බව. එය පෙන්වාදීම ගැන නැවතත් ස්තුතියි.
        එසේම දැනට පවතින බ්ලොග් කියැවීමෙන් පෙනෙනවා ඇකඩමික් පොරවල් පරයමින් සුපිරියට ලියන පොරවල් සිටින බවත්. ඒ අනුව මේ වර්ගීකරණයකට යාමක් නොවේ අපේ අරමුණ වුණේ. පහසුවෙන්ම බ්ලොග් කලාව දෙසට ඇද ගත හැකි පිරිසක් ළං කර ගැන්මයි. සින්ඩියකට අමතරව ඒ ඒ ආයතන මට්ටමින් ඔවුන් බ්ලොග් කලාව වෙත සමීප කරගැන්මට තවත් සුවිශේෂී වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන්නයි අපේ සැලසුම වුණේ.

        එසේම ප්‍රසිද්ධිය ලබා ගන්නට නං කරන්න තව ඕන තරම් දේ තියේ. දැන් ඒ බොළඳ ආසාවල් ඉවත ලා ඉන්න වයසක බං අපි ඉන්නේ.

        02/12/2013 – 1:19 PM
        ස්ලිට් කොල්ලා – බබෝ……

        //එතකොට ඔය කැම්පස් නොගියපු උන් මැට්ටෝ..?
        උන්ට හැකියාවත් නෑ උන් දැනුමෙන් සන්නදත් නෑ…?//

        මෙහෙම කියන්නේ අපි නොවේ මචෝ උඹමනේ… අපට එවන් අදහසක් ගන්න තරම් කරුණු කාරණා තාම නෑ… හොදට බලපන් මචං කැම්පස් නොගියට සමාජ දැනුමෙන් සන්නද්ධ කී දෙනෙක් නම් අපූරුවට ලේඛණයේ යෙදෙනවද කියලා.ඒ ගැන නම් වශයෙන් කියන්න හැකි වුවත් එසේ කළ යුතු නෑ මන්ද යත් ඔබද බ්ලොග් කියවා ඇත්තෙක් නිසා . ඔබගේ තර්කයට අනුව මාර්ටින් වික්‍රමසිංහයන්ද වැටෙන්නේ ඔබම නම් කරන ගොඩට. මේ ගොඩවල් ගැහිල්ලට අප එදා සිටම විරුද්ධය.

        • හිරු

          මටත් හිතිච්ච දේ කෙලින්ම කියන්නම මෙතනම…

          බෙදීමක් වෙනවාය කියන එක දාපු නමෙන්ම තේරෙනවා නලින් අයියෙ.. කැම්පස් සින්ඩිය කියපු ගමන් එන්නෙ මෙතන කැම්පස් අය විතරයි කියලා අදහසක්…. ඒක අමුතුවෙන් කාටවත් කියන්න දෙයක් නෑ…

          ඊළඟට තාමත් මේකෙන් බ්ලොග් ලියන අය සහ කියවන අය වැඩිකරගන්නෙ කොහොමද කියන එක මට තාමත් තේරුමක් නෑ… කියවන අය වැඩිකරගන්න සින්ඩියකින් පුලූවන්ද? මොකද කියවලානේ ලියන්න පටං ගන්නෙ හැමෝම වගේ… කියවන අය වැඩි කරගන්න කරන්න වෙන්නෙ මේකට තවත් මාධ්‍ය එකතු කරගන්න එක.. පත්තර, රේඩියෝ, ටීවී වගේ…. අද වෙනතුරු සිංහලෙන් ලියවෙන බ්ලොග්ස් වල තියෙන්නෙ ලියන බ්ලොග්, ෆොටෝ බ්ලොග් විතරයි මම දන්න හැටියට.. ඕඩියෝ, වීඩියෝ බ්‌ලොග්ස් ඇත්තෙම නැති තරම්…. ඇයි ඒ… ?

          අපි තාම මේ බ්ලොග්ස් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනෙන් බාගයක්වත් ගන්නෙ නෑ… ඒ අස්සෙත් එක එක බෙදීම් හදාගෙන, අර කල්ලි, මේ කල්ලි හදාගෙන මොකද්ද මේ කරන්න යන්නෙ….

          සින්ඩියක් කියන්නෙ මඟපෙන්වීමක් කරන තැනක් විතරයි මට නං… සින්ඩියට එක පාරක් ගිහින් හිතට අල්ලන බ්ලොග් ඔක්කොම බ්ලොග් රෝලට දාගත්තට පස්සෙ එතනින් තමයි දිගටම යන්නෙ… අලුත් කෙනෙක්ට හොඳයි… මේකට ගිහින් බ්ලොග්ස් හොයා ගන්න… නමුත් අලුත් කෙනාටත් මේක මේ එක පන්තියකට විතරක් සීමා වෙච්ච තැනක් කියලා හිතෙනවා නං, එතනින් පටං ගන්න බෙදීම ඉතිං දිගටම තියෙයි…

          කෙනෙක් පළවෙනියටම“ ආ, මේකනේ මේ බ්ලොග් කියන්නෙ ” කියලා, “කැම්පස්” කියලා පන්තියකට සීමා වෙච්ච තැනකට ගියොත් එයාගේ ඔලුවට එන අදහස මොකද්ද කියන එක තේරුම් ගන්න පුලූවන් නම් මම හිතන්නෙ මම මේ කියන එක තේරුම් ගන්න පුලුවන් වෙයි…

          ( බ්ලොග් කියලා ජාතියක් ගැන හාංකවිසියක්වත් නොදන්න අය ඕනෙ තරං මේ අන්තර්ජාලෙ ඉන්නව )

          ඔන්න ඔය ටික තමයි මේක දැකපු දවසෙ ඉඳලා මට හිතෙන්නෙ….

          මම දැක්ක හැටියට මාතලන් එක තැනක වත් මේ වෙනකම් හරියට උත්තරයක් දුන්නෙ නෑ වෙන වෙන ඒවා කිය කිය ඉන්නවා ඇරෙන්න.. ඒකයි මේ කමෙන්ට් එක නලීන් අයියට ඇඩ්‍රස් කරලා දැම්මෙ…

    • Anonymous

      පේනවනෙ මෙයාලා අදහස් වලින් මහින්දලාම තමා. අනික් උන් මොනව කිව්වත් අනික් උන්ට මොන විනාසයක් උනත කමක් නෑ තමන්ට වාසි දේ කරනව විතරයි.

    • mad

      Reading blog since 2008.Was a big fan of ‘Mahacharya Mathalan’. Never expected this type of answer from him.
      In my view Mathalan is the only writer who can come bit close to Taboo. He has strait ideas same as taboo and know how to write those in a strait manner.
      As kaka always said blog is a pieces of a society.Nobody can gain Sadaru’s.Chutimahaththaya’s and Atam’s styles and the experience by attending a campus.
      I never saw that professionals see some issues in ‘Hiru’s corner or her view.
      There are much more skilled in Sinhala blog world when compare with Nalin the professional journalist. And they are not graduates and witting none profit blogs.
      At last
      අනේ පලයල්ල බන් යන්ඩ්..
      දැන් කම්පන් ඉන්න උන් එයි මෙතන පෝලිමේ බ්ලොග් ලියන්ඩ්.උන් මේ බඩගින්නෙ එක්සෑම් ගොඩ දගන්නෙ කොහොමඩ් , ජොබක් හොය ගන්නෙ කොහොමඩ් කියල කල්පනා කරන්වා ඇති.
      ලියන කලාව තියන උන්, දැනටමත් ලියන්වා.

      • mad

        I mean to said..
        There are much more skilled people in Sinhala blog world when compare with Nalin-the professional journalist , who earn by using his writing skills.
        they are not graduates and witting none profit blogs.

  8. පැණි අමුඩයා

    කැම්පස් ගිය උන් උන්ගෙ පැම්පස් සින්ඩියේ උන්නාදෙන් මම කලුලිංග අයියගේ එයාගෙම නොවෙන සින්ඩිය සල්ලි වලට අරගෙන ඒකෙ නම වෙනස් කරනවා අමුඩ කුන්ඩිය කියලා,ඒකට ගන්නේ බ්ලොග් ලියන 8 පාස් උන් විතරයි ආ ඕලෙවල් ඒලෙවල් පේල් උන්වත්,ඒකේ දැනට ඉන්න කැම්පස් උන් සේරම අයින් කරනවා,අමුඩ කුන්ඩියේ අනුසාසක 3 යි මාරයා,අභීත,අටම්..
    අමුඩ කින්ඩිය බොග අවකාසෙ ලස්සනම හොදම සින්ඩිය කරනවා..
    කොහොමද මගේ ටිකිරි මොලේ.

    • Lakmal Kandevidane

      උඹට ගන්ඩ වෙන්නේ මාව විතරයි බං , මාරයා ඕලෙවල් පාස් , අභීතය ඒලෙවල් පාස් , ආං බලහං ඉගන ගත්තේ නැති එකේ වටිනාකම

      • aruge adaviya

        මම ඒ ලෙවල් කටේ තියෙද්දි ඒවා අත ඇරලා හෝටලේක රස්සාවක් හම්බවෙලා ඒකට ගියා.

        • තව ඇනෝනි මැස්සෙක්

          අපරාදෙ උඹට ඒකත් කටට අරගෙනම ගියානම් අද ඔච්චර කටට ගන්න වෙන්නෙ නෑ……

          • aruge adaviya

            @ තවත් ඇනෝනි මැස්සෙක්……සහතික ඇත්ත…කටින්ම තමයි කන්නෙත්….කටින්ම තමයි කතා කරන්නෙත්….
            ඇනෝ මැස්සාගේ අදහස මොකක් වුනත් ……කට තියෙන්නේ බය නැතිව කන්නත්…බය නැතිව කතා කරන්නත්…හිත තියෙන්නේ කියන දේවල් සහ කන දේවල් කළමනාකරණය කර ගන්න. ඔළුව කියලා එකක් තියෙන්නේ මොළය කවර් කරගෙන කොට්ටය උඩ තියාගෙන නිදාගන්න.

  9. amila chathuranga

    මා මේ සිංඩියත් මේ ලිපියත් වඩාත් අවධානයෙන් කියවනු ලැබුවාය. මට අනුව මේ සිංඩිය ගෙනයන අය විසින් මෙතෙක් පිළිතුරු දී නොමැති ගැටළුවක් ඇත.
    ඔබලාගේ සින්ඩිය කියවන්නට අලුත් බ්ලොග් කරුවන් ගෙන්වාගන්නේ කෙසේද? අලුත් බ්ලොග් කියවන්නන් එකතු කරගැන්ම සදහා ඔබ තුල ඇති වැඩපිලිවෙල කුමක්ද?
    නවතම බ්ලොග් කියවන්නන් පිරිසක් ආකර්ශනය නොවන්නේ නම් මෙය හුදෙක් ආතල් සටනක්ම වෙනු ඇත.
    මා විසින් සිංඩියේ දැමූ කමෙන්ටුවට අනුව පැහැදිලිවම අද වන විට කැම්පස් යන ජනයාගේ නිර්මාණශීලිත්වයේ කඩාවැටීමක් ඇත. එය නැතිකිරීමට කැම්පස් ජනයා ආකර්ශනය කරගැන්මේ කුමක් හෝ වැඩපිළිවෙලක් තිබිය යුතුය. එසේ නොමැතිව ගාලක් හැදූ පමණින් හරක් පෝලිමේ පැමිණ ලැගුම් ගනීවි යැයි සිතීම අමනෝඥ ක්‍රියාවකි.

    කාලිංගලා ඔලුව උදුම්මවාගත් නම්‍යශීලි නොවූ පිරිසක් විය. එහෙත් කාලිංගලා බ්ලොග් ජනප්‍රිය කිරීමට යම් කිසි වැඩකොටසක් කොලෝය. ඔවුන් නිසා බ්ලොග් කියවන්නට නව පිරිසක් එක් රැස් වූහ. කාලිංගලා විසින් බ්ලොග් ගැන වෙනමම අතිරේකයක් එක් මසක විජය පරිඝනක සඟරාව සමග බෙදා හැරියේය. එසේම ලංකවේ ඉන්ටනෙට් ගැන කියෙවෙන සාකච්චා වලද කාලිංග සිංහල බ්ලොග්කරුවන් නියෝජනය කරමින් සහභාගී වනු දිටිමි. කාලිංග විසින් බ්ලොග් කරුවන් නියෝජනය කිරීම් සදාචාරාත්මක අයිතිය කුමක් වුවත් සිංහල බ්ලොග් කියවන්නට එකෙක් දෙන්නෙක් හෝ එන්නට එය හේතු වන්නට ඇත.

    කාලිංග එකල මෙන්ම අදද විෂය දැනුම අතින් මෙන්ම ඔහුගේ ක්ෂේත්‍රය තුල වීරයෙකි. නමුත් ඔහු අන්තර්ජාලය නැමැති දෙය තුල බිහි වූ නව සමාජය ගැන දැක්මක් ඇති පුද්ගලයෙකු නොවීය. කාලිංගගේ ගෝලයෝද අන්තර්ජාලයේ නව සමාජමය හැඩය හා බැඳුනේ නැත. කාලිංගගේ පිරිස සතුව වාරණය සහ පාලනය යන වචන දෙයියන් බුදුන් ලෙස අදහන්නෝ බහුලය. නමුත් අන්තර්ජාලය යනු පාලනය කල හැකි මානයක් නොවන බව ඔවුන් වටහා ගත්තේ නැත. සිංහල බ්ලොග් කරුවන් මේ තරම් පිරිසක් හෝ එක්රැස් වීමට කාලිංගගේ එදා තැබූ නිර්භීත පියවර හේතු වාසනා වූවා සේම නිතර ලියන සිංහල බ්ලොග් කරුවන් සෑම කලකදීම දාහකට අඩු සංඛ්‍යාවක සිටීමත් එදා සිට අද දක්වා විශාල වශයෙන් පාඨක ප්‍රජාව ඉහල නොයෑමටත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය නැමැති සංගමයේ දුර්වලතා හේතු විය.

    කාලිංග විසින් ආරම්භ කොට වැපා සහ අනෙක් අය විසින් පවත්වාගෙන ගොස් සිටි බ්ලොග් ජනප්‍රිය කිරීමේ සින්ඩි ක්‍රියාදාමය දැන් යල් පැන යමින් පවතී. බ්ලොග් ජනප්‍රිය කිරීම සඳහා වඩාත් ප්‍රාෙයා්ගික ක්‍රමවල අවශ්‍යතාවයක් පැන නැගී ඇත.

    • ජෝ

      මාරයිනෙ අමිල අයියා… අපිනං ඔය ඉතිහාසෙ දන්නෙ ඒං මේං… ඒත් මේ කීල තීන කතාවනං මාරයි…

    • Naleen Dilruksha

      @ amila chathuranga – ඔබ හරි අමිල අප ද පැහැදිලිව ඉහත කියා තිබෙනවා ඔවුන් බ්ලොග් වටා එක් රැස් කරගන්නට වැඩපිළිවෙළකට යන වග. එය අදියර කීපයක් යටතේ සිදු කරන්නට සැලසුම් කොට ඇත. එහෙත් දැන් දැන් පෙන්වා දෙන මේ කල්ලිවාදී කතාව හේතුවෙන් අපටද යම් යම් තීරණවලට එළැඹෙනට සිදුවේ. ඒ මන්ද යත් බ්ලොග් ලියන්නන් අතර කල්ලිවාදයක් හෝ අසමගියකට අප ඉදුරාම අකමැති නිසාවෙනි. ඔබම නම්කළ පැරැන්නෝ මෙය පවත්වාගන ආවා සේ අපටද දිය හැකි මට්ටමින් රැකුළක් වීම තමා අපේ අරමුණ. එසේ නොමැතිව මේ දේවල් කිරීමෙන් අපට කිසිදු වාසියක් හෝ ප්‍රයෝජනයක් මෙයින් නැත. ඒ ඒ වි. වි . හරහා මේ බ්ලොග් ලියන්නන් බිහිකර ගැන්මටත් ඒ වෙනුවෙන් අප දන්නා මාධ්‍ය සගයන්ගේ සහාය සමගින් පැතිරුණු ප්‍රචාරණයකටත් යන්නයි අපේ සැලසුම වුණේ. ස්තුතියි අදහස් දැක්වීමට.

    • maathalan

      කළබල වෙන්න එපා ලොක්කා. ඔයා මේ හඳට යන්න දඟලනවනේ. ඒවා ඉදිරියේදි සිද්ද වේවී. මේ ආරම්බය පමණයි. ඔක්කෝම ඔයාලට කිව්වාම කිසි ගතියක් නෑ නේ.

      • චිංචි @ චයිනා

        මාතලන් නිකන් ටෝක්ස් ඉෂූ කරන්න එපා. ඔයාලගේ පැම්පස් සින්ඩිය ගැන ඔයාමයි ලියලා තිබ්බේ. අමිල අහලා තියෙන ප්‍රශ්න ගැන ඔයාලා නිකමට හිතලවත් නෑ. ඒකයි උත්තර නොදී පඩ ටෝක්ස් දෙන්නේ. සින්ඩියක් කියන්නේ මොකක්ද කියලවත් නොදැන අනික් උන්ටත් කියනවා උදව් වෙන්නලු. මොකටද දැන් උදව් වෙන්න ඕනේ? කැම්පස් අයියලාගේ හොදම බ්ලොග් තෝරන්නද?
        කුණුහරුප මාතෘකා දාලා බ්ලොග් පෝස්ට් දෙක තුනක් ලියලා ඒවා මිනිස්සු ටිකක් ක්ලික් කරලා තිබ්බම හිතන්නේ මාර පොරවල් කියලා. ඔය එන්නේ මාතලන්ලගේ දේශපාලනේ තමා!

        • maathalan

          සුද්දෝ රේල් පාර හදලා කෝච්චිය හූ තිය තියා යන කොට සමහර උන් බයේ දිව්වලු. ඊට පස්සේ ඒ සතෙක් කියලා හිතලා නම දැම්මලු යකඩ යකා කියලා. මෝඩ කොල්ලෝ සරම උස්සලා පුක පෙන්නුවලු. සමහර උන් ගල් ගැහුවලු. ඒත් කෝච්චිය තාමත් යනවා. අර ගල් ගහපු පුක පෙන්නපු ජැනරේසන් එක අද කොහේද කියලා හොයන්න නෑ.

          බ්ලොග් ලිව්වත් නැතත්, අපි ගිය ඕන තැනක පොරවල් තමයි.

          • මීවනපලානේ ජයා

            පොරවල්? රෙද්ද තමයි.. ඉස්සෙල්ලා ටොනික් පියනක් පිරෙන්න චූ කරන්න පුලුවං වෙයං.. බ්ලොග් ලියන්න.. කැම්පස් සින්ඩි.. අනේ හුකේ නන්නානේ…

      • Anonymous

        මාතලන් බයියා….! උන් තාම ඉන්නවා! උන් අන්න පැම්පස් සින්ඩි හදනවා!

    • senior blogger

      සින්ඩ් සංකල්පය ගෙනාවේ කාලිංග ඇතුලත්මුදලි නොවේ. ඔහු කලේ ඔහු කල දෙයක් වගේ රගපෑමයි. අනුන්ගේ දරුවන්ට තමුන්ගේ නම දැමීමකි. නූතන ලාංකීය දේශපාලකයෙකුගෙන් කාලිංග වෙනස් වන්නේ අල්ප වශයෙනි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අරඹන්නේ සුදාරක හා මලින්ත ඇතුලු පිරිසක් විසිනි. පසු කාලීනව බලතන්හාව නිසා කාලිංග ඇතුලත්මුදලි අනෙක් ආරම්භකයන් උපක්‍රමශීලිව එයින් ඉවත්කර දමන්නේය. මේ සදහා බොහොම දරුණු ආකාරයේ පුද්ගලික මඩ ප්‍රචාරයන් කාලිංග ඇතුලු පිරිස දියත් කලෝය. මඩ නොකැමැති ආරම්භකයෝ බ්ලොග් අවකාශයෙන් ඉවත්වූහ. කෙටියෙන් කියතොත් කාලිංග කොතරම් රගපෑමට උත්සහ කලත් ඔහු සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ආරම්භක සාමාජියෙකුවත් නොවේ. සංසදයේ සින්ඩිය දොෂ සහගත වූ විට උදව්වට අඩගසාගත් පුද්ගලයාය. පසුව සිදුවූයේ කාලිංග ඩොමේනයද සොරකම්කර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයිතිකරු ලෙස පෙනී සිටීමට පටන් ගැනීමය.
      සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම බෙදීම ඇති කලේ කාලිංග ඇතුලත්මුදලි නැමැත්තාය. ඒ දේශපාලන උවමනාවක් මත රජයට විරුද්දව ලියනා බ්ලොග් අඩවි සියල්ල බ්ලොග් කියවනයෙන් අත්තනෝමතිකව ඉවත් කරදැමීමය. මෙය පදනම් කරගෙන ඊට එරෙහිව ලාංකීය වැඩි සින්ඩි බිහිවීම සිදුවිය. මෙය නිර්නාමිකව පළකරන්නේ. මීට කලින් මේ ගැන හෙළිකල හැම බ්ලොග් කරුවාටම ජීවිත තර්ජන වැනි භයානක ඉරණම් හිමිවූ නිසායි.

  10. maheshdase

    http://www.maheshslife-multiaxial.blogspot.com/2013/12/blog-post.html
    “එචරද? නොවේ ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි කැම්පස් නමින් වෙන්කර තිබෙන ඔය කැටගරි බොරු වැඩකි ඔබට එය එක් එක් විශයන් අලලා වෙන්කරන්නට හැකි නම් බ්ලොග් නොලියන අධ්‍යාපනයට ලැබැදි අය ද? අධ්‍යාපනික බ්ලොග් ලියන්නට පටන් ගනීවි එය ශ්‍රී ලංකීය අධ්‍යාපනයට කෙතරම් විශාල සේවයක් වේවිද? බ්ලොග් සාහිතයක් එක් තැන් වේවි සිංහල සාහිතය නමින් කැටගරියක් එක් කලහොත් එය කෙතරම් වටී ද?
    එසේ නොමැතිනම් ඔබේ අරමුණ වෙනස් කරන්න මන්ද දෙන් සිදුවී තිබෙනේ දැනුම එක් ‍රැස් වීමක් නොවේ-ලංකාවේ දසත විසිරී සිටින කැම්පස් බ්ලොග් කරුවන් තමන්ගේ කැම්පස් එක නමින් කැටගරි කිරීමක් පමණි.අධ්‍යාපනික අරමුණක් සදහා යාමට ඔබ කරන්නේ විහිලුවකි.වෙනත් සින්ඩිය හා මෙය අලුත් අරමුණක් නැත.තවත් එක් සිංඩියක් පමණි.”

  11. බෙන් ටෙනිසන්

    ඉස්කෝලේ යන මට තාම සින්ඩි එකක් නැහැ නේ.. 😦

    ගෝත්‍ර වාදය හොඳ දෙයක් නොවේ. කුලය ඇති වූ කල බෙදීම ඇති වේ. බෙදීම නිසා එකිනෙකා පරයා යෑම සිදු වේ. පරයා යෑම එක අතකින් ස්වන් සංවර්ධනයට දායකත්වයක් සැපයුවද ? තවත් ඇසකින් බලන කල ඒ නිසා තවකෙක් වේදනා විඳි

  12. aruge adaviya

    .මොකා මොනවා හිතුවත් ජීවිතය කියන්නේ සමාජය….අධ්‍යාපනය කියන්නේ ඒකේ පොඩි කොටසක් විතරයි…හැමෝටම අමතක වෙන දෙයක් තමයි, සමාජය අපිට උගන්නපු දේවල් සහ තමා, පවුල, ගම, පාසල, විවිය, රැකියාව කියන්නේ සමාජය කියන රයිනෝගේ එක් එක් ශෛලයන් පමණයි කියන එක. සහතික වශයෙන්ම හැමෝම කරන්නේ ඉදෙන්න ඉස්සෙල්ලා බත බෙදාගෙන අමුයි කියන එක..බෙරි වෙන්න ඉස්සෙල්ලා ලිපෙන් බාන එක ,බත ලිපේ තියන එකාගේ වැඩක්.

    මේ කමෙන්ට් එක ඕන තැනකට ඔට්ටුයි…සිංහල බ්ලොග අමුවෙන් බුදින උදවියටත්….බෙරි වෙනකම් ඉඳලා කිරි දාලා කිරිබත් කරන අයටයි උත්තර දෙන්න පුළුවන්…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s