“ඇනෝනිමස් පහසුකම සපයා ඇති බ්ලොග් අඩවි වර්ජනය කරමු!!!” ගොං බ්ලොග් සේනා සංවිධානය

ano

 ගොංබ්ලොග් සේනා සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දැක්වූ සංවිධානයේ නිල මාධ්‍ය ප්‍රකාශක මා(නො)තලන් මහතා ප්‍රකාශ කළේ සියලුම බ්ලොග් කරුවන් ඇනෝනිමස් පහසුම සලසා ඇති බ්ලොග් අඩවි වර්ජනය කළ යුතු බවයි. බ්ලොග් අවකාශය සුන්දර කිරීමටනම් මෙවන් මොහොතක සියලුම බ්ලොග් කරුවන් එකට ඇනතියා වාඩි වී එකා මෙන් කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය. තව දුරටත්  අදහස් දැක්වූ ඒ මහතා ඉල්ලා සිටියේ සියලුම බ්ලොග් කරුවන් මේ භාර දූර කටයුත්තට සහය පල කිරීමක් වශයෙන් තම බ්ලොග් අඩවි වල “No ඇනෝනිමස් එපා” බැනරය එල්ලා තබන ලෙසයි. මේ අවස්ථාවට බ්ලොග් ගොං සේනා සංවිධානයේ සභාපති ක. සෑම්(කබු සෑම්) මහතා සහ ලේඛම් කු. අටමා(කුණුහරුප අටමා) ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය හමුවෙන් අනතුරුව මේ පිරිස ගොං බ්ලොග් සේනා සංවිධානයට සහය පළ කරමින් පැවති උද්ගෝෂණයකටද සහභාගී වූ අතර එහිදී කතන්දර විසින් හස්තද්වාරයෙන් එළිදක්වන ලද “මං වාරණයට අකමැතියි නංගියේ” කයිකතන්දර කෘතිය ගිනිතැබීමට උද්ඝෝෂකයන් කටයුතු කලේ එහි “No ඇනෝනිමස් එපා” සංකල්පයට  විරුද්ධ කයි පද අඩංගු බව පවසමින්. අනතුරුව ඔවුන් ලකෆ්‍රෑන්ස් නමින් පඹයෙක්ද ගිනිතබා සතුටින් විසිර ගියහ.

Advertisements

3 comments

  1. මාලන්

    උඹේ මුල්ම ලිපිය එවරස්ට් නම් මේක මරියානා ආගදේ.
    අහවල් එකාද මේ හැම එකාටම වැහිලා තියෙන්නේ..? රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා තොපි ඇනොනිමසෙක් අල්ලන් නටනවා. හිරිකිතයි බන්. මන් මේ බලන් ඉදලා බැරිම තැන ලියන්නේ.

    • Ravi/N

      මම බ්ලොග් ලියන්නෙක් නෙවෙයි…. මාලන් ලියපු බ්ලොග් එක ඉස්සර ආසාවෙන් බැලුවා….. උඹ එදා ඒක නවත්තපු එකට හිතෙන් සාප කරා…. ඒත් අද උඹ හරි කියල මට හිතෙනවා…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s